• බාදුරා | Nepenthes Distillatoria

    ශ්‍රීලංකාවට ආවේණික ශාකයක් වන බාදුරා ශාකය වැසි වනාන්තර හා ඒ ආශ්‍රිත පරිසර වල දැකිය හැකි මාංශභක්ෂක ශාකයකි.

  • රත මිල්ල | Lumnitzera littorea

    වදවී යාමේ දැඩි තර්ජනයට මුහුණපා ඇති දේශීය කඩොලාන ශාකයක් වන රත මිල්ල ශාකය දැනට ලංකාවේ බලපිටිය මාදු ගග කඩොලාන කලාපයේ පුද්ගලික ඉඩමක සහ මීගමුව කඩොල් කැලේ ප්‍රදේශයෙන් පමණක් වාර්ථා වන ශාකයකි.

  • නගා මැරූ අල | Ipsea Speciosa

    Gලංකාවට ආවේණික දුර්ලභ බෟමික උඩවැඩියාවක් වන මෙය වජීකරණ ඔසුවක් වන මෙය ජනප්‍රවාදයේ රසවත් කතා කිහිපයකට මුල්වී ඇති ශාකයකි. ස්වභාවක පරිසරයෙන් ගැලවීම ප්‍රවාහණය කිරීම විකිණීම අදී සියලූ දේ වණ සත්ව හා වෘක්ෂලතා ආඥාපනතට අනුව තහනම් කර ඇත.

  • කරඹ | Carissa carandas, Carissa spinarum

    කරඹ ශ්‍රී ලංකාවේ වියලි කලාපීය ප්‍රදේශ වල ස්වභාවිකව දක්නට ලැබෙන වන පලතුරක් වන අතර ලංකාවේ හීං කරඹ හා මහ කරඹ ලෙස වර්ග දෙකක් දක්නට ඇති අතර මෙම පවුලටම අයත් විදේශිය ප්‍රභේධය බොහෝ ගෙවතුවල වගා කර ඇත. එය ඩැම්සන් හෝ ජැම්සන් ලෙස ව්‍යහාරයේ පවතින අතර එහි උද්භිත නාමය Carissa Macrocarpa ලෙස හැදින්වේ.

  • හොර‍ | Dipterocarpus Zeylanicus

    ශ්‍රී ලංකාවට ආවේණීක හොර ශාකය පහතරට වැසිවනාන්තර විශේෂයෙන් සිංහරාජය ආශ්‍රිතව පවතින, දැවමය සහ ඖෂධීය වටිනාකම් සහිත රතු දත්ත පොතෙහි, අවධානම හමුවේ ඇති විශේෂයක් ලෙස නම ඇතුළත් වී ඇති ශාකයකි

කොන් | Schleichera oleosa | Koon

භාවිත නම
: කෝන්.
විද්‍යාත්මක නම
: Schleichera oleosa
ශාක කුලය : Sapindaceae
වෙනත් නම්
: Ceylon oak / Lac tree
ස්වභාවය : ගස්
රතු දත්ත වාර්ථා
: Least Concern (අඩු තැකීමක් කර ඇති)

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බුරුමය ආදී රටවල වියළි කළාපීය වනාන්තර ආශ්‍රිතව සුලභව හමුවන දේශීය ශාකයක් වන මෙහි ඉදුනු ගෙඩි පලතුරක් ලෙස ආහාරයට ගනු ලබයි. කෝන් ශාකයේ කොළ, පොතු, මල්. ඇට, මුල් ආදිය දේශීය වෙදකමේදී රෝග රැසකට ප්‍රතිකාර කිරීම සදහා යොදා ගනු ලබයි 



 

Share:

ආරිද්ද | Campnosperma zeylanicum | Aridda

භාවිත නම
: ආරිද්ද.
විද්‍යාත්මක නම
: Campnosperma zeylanicum
ශාක කුලය
: Anacardiaceae
වෙනත් නම්
: ----
ස්වභාවය : ගස්
රතු දත්ත වාර්ථා
: Least Concern (අඩු තැකීමක් ඇති)
තෙත් කලාපීය වනාන්කතර වල දැකිය හැකි ලංකාවට ආවේණික ශාකයක් වන මෙය පිරිමි ගැගැණු වශයෙන් වෙන් වෙන්ව මල් පිපෙන ශාකයකි. මාර්තු අප්‍රේල් මාස වල‍ මල් පිපෙන මෙහි ලීය ඉතා සැහැල්ලු බවින් යුක්තයි
Share:

චෙරිමෝයා | Annona cherimola | Cherimoya

භාවිත නම
: චෙරිමෝයා.
විද්‍යාත්මක නම
: Annona cherimola
ශාක කුලය : Annonaceae
වෙනත් නම්
: Cherimoya
ස්වභාවය : ගස්
රතු දත්ත වාර්ථා
: ..
Share:

සීනි අනෝදා | Annona squamosa | Seeni Anoda

භාවිත නම
: සීනි අනෝදා.
විද්‍යාත්මක නම
: Annona squamosa
ශාක කුලය : Annonaceae
වෙනත් නම්
: Sugar apple
ස්වභාවය : ගස්
රතු දත්ත වාර්ථා
: ..
Share:

වැලි අනෝදා | Annona reticulata | Weli Anoda

භාවිත නම
: වැලි අනෝදා.
විද්‍යාත්මක නම
: Annona reticulata
පවුල : Annonaceae
වෙනත් නම්
: Wild sweetsop
ස්වභාවය : ගස්
රතු දත්ත වාර්ථා
: ..
Share:

කටු අනෝදා | Annona muricata | Katu Anoda

භාවිත නම
: කටු අනෝදා.
විද්‍යාත්මක නම
: Annona muricata
ශාක කුලය : Annonaceae
වෙනත් නම්
: ආතා | Soursop
ස්වභාවය : ගස්
රතු දත්ත වාර්ථා
: ..
Share:

කරවල කැබැල්ල | Antidesma bunius | Karawala kebella

භාවිත නම
: කරවල කැබැල්ල.
විද්‍යාත්මක නම
: Antidesma bunius
ශාක කුලය : Phyllanthaceae
වෙනත් නම්
: bignay
ස්වභාවය : ගස්
රතු දත්ත වාර්ථා
: Least Concern (අවම අවධානමක් ඇති)
රතු දත්ත පොතට අනුව අඩු තැකීමක් දක්වන දේශීය ශාකයක් ලෙස නම් කර ඇති අතර Antidesma විශේෂ සියල්ල පොදුවේ අඹිල්ල යනුවෙන් භාවිතා කරයි. ඉතා මිහිරි රයයකින් යුක්ත මෙහි ඵලය පලතුරක් ලෙසත් ජෑම් වයින් සෝස් ආධී නිෂ්පාදන ලෙසත් භාවිතාවට ගනු ලබයි. ඔසු ගුණයෙන්ද සමන්විත මෙම ශාකය අර්ෂස් රෝගය විෂ වෙදකම ආදීයේදීද භාවිතා කරයි. මෙහි කොල පලාවක් ලෙස සකසා ආහාරයට ගත හැකිය
Share:

කරඹ | Carissa carandas, Carissa spinarum | Karamba


භාවිත නම
: මහ කරඹ.
විද්‍යාත්මක නම
: Carissa carandas
භාවිත නම
: හීං කරඹ.
විද්‍යාත්මක නම
: Carissa spinarum
ශාක කුලය : Apocynaceae
වෙනත් නම්
: Ceylon Damson
ස්වභාවය : පදුරු
රතු දත්ත වාර්ථා
: Data Deficient දත්ත ඌනතා සහිත)/ Least Concern (අවම අවධානමක් ඇති)
කරඹ ශ්‍රී ලංකාවේ වියලි කලාපීය ප්‍රදේශ වල ස්වභාවිකව දක්නට ලැබෙන වන පලතුරක් වන අතර ලංකාවේ හීං කරඹ හා මහ කරඹ ලෙස වර්ග දෙකක් දක්නට ඇති අතර මෙම පවුලටම අයත් විදේශිය ප්‍රභේධය බොහෝ ගෙවතුවල වගා කර ඇත. එය ඩැම්සන් හෝ ජැම්සන් ලෙස ව්‍යහාරයේ පවතින අතර එහි උද්භිත නාමය Carissa Macrocarpa ලෙස හැදින්වේ
Share:

නගා මැරූ අල | Ipsea Speciosa | Naga meru ala


භාවිත නම
: නගා මැරූ අල.
විද්‍යාත්මක නම
: Ipsea speciosa
ශාක කුලය : Orchidaceae
වෙනත් නම්
: Daffodil Orchid
ස්වභාවය : OR උඩවැඩියා
රතු දත්ත වාර්ථා
: Endengered (වදවීයාමේ ඉහල අවධානමක් ඇති)
ලංකාවට ආවේණික දුර්ලභ භෟමික උඩවැඩියාවක් වන මෙය වජීකරණ ඔසුවක් වන මෙය ජනප්‍රවාදයේ රසවත් කතා කිහිපයකට මුල්වී ඇති ශාකයකි. ස්වභාවක පරිසරයෙන් ගැලවීම ප්‍රවාහණය කිරීම විකිණීම අදී සියලූ දේ වණ සත්ව හා වෘක්ෂලතා ආඥාපනතට අනුව තහනම් කර ඇත.
Share:

රත මිල්ල | Lumnitzera littorea | Ratha milla

 
භාවිත නම
: රත මිල්ල
විද්‍යාත්මක නම
: Lumnitzera littorea
ශාක කුලය : Combretaceae
වෙනත් නම්
:
ස්වභාවය : ගස්
රතු දත්ත වාර්ථා
: Critically Endangered (වදවීයාමේ උග්‍ර තරජනයට ලක්වූ)

 

රතු දත්ත පොතට අනුව වදවී යාමේ දැඩි තර්ජනයට මුහුණපා ඇති දේශීය කඩොලාන ශාකයක් වන රත මිල්ල ශාකය දැනට ලංකාවේ බලපිටිය මාදු ගග කඩොලාන කලාපයේ පුද්ගලික ඉඩමක සහ මීගමුව කඩොල් කැලේ ප්‍රදේශයෙන් පමණක් වාර්ථා වන ශාකයකි. වසර 100 කින් පමණ දෙවන පරම්පරාවක් වාර්ථා නොවීම මෙම ශාකය තර්ජිත තත්වයට පත්වීමට බලපා ඇති ප්‍රධාන කරැණ ලෙස දැක්වි හැකි අතර පරිසරයට සොදුරු අලංකාරයක් ඇති කරන මෙවැනි ශාක රැක ගැනීම සදහා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

Share:

බාදුරා | Nepenthes Distillatoria | Badura

භාවිත නම
: බාදුරා
විද්‍යාත්මක නම
:

Nepenthes Distillatoria

ශාක කුලය : Nepenthaceae
වෙනත් නම්
: Pitcher plant
ස්වභාවය : වැල් / පදුරු
රතු දත්ත වාර්ථා
: Vulnerable (අනතුරට ලක්විය හැකි)
ශ්‍රීලංකාවට ආවේණික ශාකයක් වන බාදුරා ශාකය වැසි වනාන්තර හා ඒ ආශ්‍රිත පරිසර වල දැකිය හැකි මාංශභක්ෂක ශාකයකි. පදුරු හා වැල් ආකරයට වර්ධනය වන මෙම ශාක පහුරු මගින් ආධාරක ශාක මත පැතිරී වැඩෙයි. පත්‍ර අග වැඩෙන කෙණ්ඩිය තුලට කෘමි සතුන් වැටී මිය යන අතර එම සතුන් ජීරණය වීමෙන් ශාකයේ ඇතැම් පෝෂණ කොටස් සපුරා ගනියි. මෙහි බොහෝ දෙනෙක් කෙණ්ඩිය පුෂ්පය ලෙස හැදින්වුවද බාදුරා ශාකයේ අලංකාර පුෂ්ප මංජරියක් හටගනී. ශාකයේ බොහෝ කොටස් මෙන්ම කෙණ්ඩිය තුල ඇති ජලයද අ‍ායුර්වේදයේ ඔසු පිණිය භාවිතා කරන ඉතා වටිනා ශාකයක් වන මෙය විසිතුරු ශාකයක් ලෙස වගා කිරීමට උත්සාහ කිරීම වැනි හේතු නිසා ස්භාවික පරිසරයෙන් වදවී යාමේ තර්ජනයට මූහුණපා ඇත
Share:

හොර‍ | Dipterocarpus zeylanicus | Hora

භාවිත නම               
: හොර
විද්‍යාත්මක නම
: Dipterocarpus zeylanicus
ශාක කුලය : Dipterocarpaceae
වෙනත් නම්
: -
ස්වභාවය : ගස්
රතු දත්ත වාර්ථා
:  Near Thretened( අවධානම හමුවේ ඇති)
ශ්‍රී ලංකාවට ආවේණීක හොර ශාකය පහතරට වැසිවනාන්තර විශේෂයෙන් සිංහරාජය ආශ්‍රිතව පවතින, දැවමය සහ ඖෂධීය වටිනාකම් සහිත රතු දත්ත පොතෙහි, අවධානම හමුවේ ඇති විශේෂයක් ලෙස නම ඇතුළත් වී ඇති ශාකයකි. සුළඟ මගින් ප්‍රචාරණය සිදුවන මෙහි බීජ සතුව 10cm -15cmක් පමණ දිග පියාපත් යුගලක් පිහිටා ඇති අතර එමගින් සුළඟ මගින් පාවී යාමේ හැකියාව එම බීජවලට ලැබී ඇත. සාමාන්‍යයෙන් 35mසිට 45m දක්වා උසකට වැඩෙන මෙම ශාකයේ පත්‍ර අඟල් 8-9ක් පමණ විශාල ය.
Share:

ජනප්‍රිය ලිපි