මෙම බ්ලෝග් අඩවිය ගැන


 වර්ථමානයේ ශාක යනු වැඩියෙන්ම කතාබහට ලක් වන මාතෘකාවක් වී ඇත. සමාජ ජාලා භාවිතා කරමින් ශාක ගැන විවිධ අදහස් හුවමාරු වුවද බොහෝ අවස්ථාවන් වල නිවැරදි දේ මෙන්ම වැරදි මත ද සමාජ ගත වනු අප දැක ඇත. මේ වන විට එසේ වැරදි ලෙස සමාජ ගත වූ බොහෝ ශාක පිලිබද වැරැද්ද නිවැරදි කිරීමට නොහැකි වන අයුරින් සමාජය තුල කිදා බැස ඇත. 

එමෙන්න ප්‍රාථමික අධ්‍යාපනයේ සිටම ශාක පිලිබද වැරදි තොරතුරු ඉගැන්වීම් කරනු ලබන අතර පෙලපොත් වල පවා එසේ වැරදි තොරතුරු ඇතුලත් කර ඇත.

තවද ශාක ගැන උන්නදුවක් දක්වන්නන් හට පරීශීලන කිරීම සදහා සිංහල මාධ්‍යයෙන් ලියන ලද පොත් අවම වීම හේතුවෙන්ද මෙම විෂය සමාජයෙන් දුරස්වී යනු දැකිය හැක.

මෙම අඩවිය අන්තර්ජාලයේ ඇතුලත් කරුණු, විද්වතුන් සමග සාකච්ඡා කර ලබා ගත් දැනුම, පොත් පත් කියවීමනේ  ලද දැණුම, ජාතික රතු දත්ත පොතෙහි ඇතුලත් දත්ත ආදිය භාවිතා කරමින් පවත්වාගෙන යනු ලබන අතර මෙහි කිසියම් හෝ වැරැද්දක් යාවත්කාලීන වීමක් ඇත්නම් කරුණාකර මා දැනුවත් කිරීමට කටයුතු කරන්න

ශාක පිළිබදව මා හට යම් දැනුමක් ලබා ගැනීමට නිරන්තරයෙන් උපදෙස් හා දැණුම ලබා දෙන ශාක පිලිබද හසල දැනුමක් ඇති බංඩාර වරකාගොඩ මහතා, භාතිය ගොපල්ලව මහතා, ප්‍රදීප් රාජතේව මහතා, හිමේෂ් දිල්රුවන් මහතා, රවි ලක්මාල් මහතා, ගීත් අමරසිංහ මහතා, රජිත ඉදුනිල් මහතා,  කැලුම් දුනුවිල මහතා ඇතුලු සියලු දෙනාට විශේෂ ස්තූතිය පුදකර සිටිමි

ස්තූතියි.........

රවින්ද්‍ර කුමාර සමරසිංහ

0763157961

ravindu.kumara1@gmail.com


ජනප්‍රිය ලිපි