හොර‍ | Dipterocarpus zeylanicus | Hora

භාවිත නම               
: හොර
විද්‍යාත්මක නම
: Dipterocarpus zeylanicus
ශාක කුලය : Dipterocarpaceae
වෙනත් නම්
: -
ස්වභාවය : ගස්
රතු දත්ත වාර්ථා
:  Near Thretened( අවධානම හමුවේ ඇති)
ශ්‍රී ලංකාවට ආවේණීක හොර ශාකය පහතරට වැසිවනාන්තර විශේෂයෙන් සිංහරාජය ආශ්‍රිතව පවතින, දැවමය සහ ඖෂධීය වටිනාකම් සහිත රතු දත්ත පොතෙහි, අවධානම හමුවේ ඇති විශේෂයක් ලෙස නම ඇතුළත් වී ඇති ශාකයකි. සුළඟ මගින් ප්‍රචාරණය සිදුවන මෙහි බීජ සතුව 10cm -15cmක් පමණ දිග පියාපත් යුගලක් පිහිටා ඇති අතර එමගින් සුළඟ මගින් පාවී යාමේ හැකියාව එම බීජවලට ලැබී ඇත. සාමාන්‍යයෙන් 35mසිට 45m දක්වා උසකට වැඩෙන මෙම ශාකයේ පත්‍ර අඟල් 8-9ක් පමණ විශාල ය.
Share:

ජනප්‍රිය ලිපි