බාදුරා | Nepenthes Distillatoria | Badura

භාවිත නම
: බාදුරා
විද්‍යාත්මක නම
:

Nepenthes Distillatoria

ශාක කුලය : Nepenthaceae
වෙනත් නම්
: Pitcher plant
ස්වභාවය : වැල් / පදුරු
රතු දත්ත වාර්ථා
: Vulnerable (අනතුරට ලක්විය හැකි)
ශ්‍රීලංකාවට ආවේණික ශාකයක් වන බාදුරා ශාකය වැසි වනාන්තර හා ඒ ආශ්‍රිත පරිසර වල දැකිය හැකි මාංශභක්ෂක ශාකයකි. පදුරු හා වැල් ආකරයට වර්ධනය වන මෙම ශාක පහුරු මගින් ආධාරක ශාක මත පැතිරී වැඩෙයි. පත්‍ර අග වැඩෙන කෙණ්ඩිය තුලට කෘමි සතුන් වැටී මිය යන අතර එම සතුන් ජීරණය වීමෙන් ශාකයේ ඇතැම් පෝෂණ කොටස් සපුරා ගනියි. මෙහි බොහෝ දෙනෙක් කෙණ්ඩිය පුෂ්පය ලෙස හැදින්වුවද බාදුරා ශාකයේ අලංකාර පුෂ්ප මංජරියක් හටගනී. ශාකයේ බොහෝ කොටස් මෙන්ම කෙණ්ඩිය තුල ඇති ජලයද අ‍ායුර්වේදයේ ඔසු පිණිය භාවිතා කරන ඉතා වටිනා ශාකයක් වන මෙය විසිතුරු ශාකයක් ලෙස වගා කිරීමට උත්සාහ කිරීම වැනි හේතු නිසා ස්භාවික පරිසරයෙන් වදවී යාමේ තර්ජනයට මූහුණපා ඇත
Share:

ජනප්‍රිය ලිපි